ශවේන්ද්‍ර හමුදාපති ධුරයෙන් වහා ඉවත් කල යුතුයි.. – එජාප මන්ත‍්‍රී චන්දිම ගමගේ

යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම කාලෝචිත දෙයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.

මෙම තීරණය ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී නිවැරදි කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

ජාත්‍යන්තර වශයෙන් ණය ප්‍රදානයන් ලැබීම, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම, GSP+ ආදී ජාත්‍යන්තර සහනවලටද මෙම තීරණය අයහපත් ලෙස බලපානු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ශවේන්ද‍්‍ර සිල්වා මහතා හැර හමුදාපති ලෙස පත් කළ හැකි වෙනත් අය සිටින බවද එනිසා ඒ වෙනස කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මෙය තමන්ගේ පුද්ගලික මතය බව ද ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 

උපුටා ගැනීම – ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.