මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ඉදිරියේ එස්.බී. ට කට උත්තර නැති වෙයි Video

ඊයේ(20) පස්වරුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂ නායකයින්ගේ හමුවක් විජේරාම විපක්ෂ නායක නිල නිවසේදී පැවැත්වුනේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී වුණා.

ඉදිරි ජනාධිපතිවරණ කටයුතු ගැන එහිදී සාකච්ඡා වී තිබෙනවා. ඒ අවසනයේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට දේශපාලකයින් කිහිප දෙනෙකු පිළිතුරු ලබා දුන්නා. එහිදී මාධ්‍යවේදියෙක් ඔබ කුමන පක්ෂයේදැයි එස්.බී. දිසානායක මහතාගෙන් විමසා සිටියත් ඔහු කිසිවක් නොකියා වාහනය තුලට නැග දොර වසා ගත්තා.

Leave A Reply

Your email address will not be published.