පොහොට්ටුවේ පිරිසක් මා ජනපතිවරණයට එනතෙක් බලන් ඉන්නවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී තමනට සහයෝගය දෙන්නට සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තුරු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ද සාමාජිකයන්ද බලා සිටින බව ඔහු සඳහන් කළේය.

එවන් තත්ත්වයක් යටතේ තමන්ට කෙතරම් විශාල ජයග්‍රහණයක් ලැබේවිදැයි සිතා ගත හැකිදැයි ඔහු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය.

තමන් ස්ථිර වශයෙන්ම ඉදිරි ජනාධිපතිවරයාට ඉදිරිපත් වන බවද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් සමග තලවතුගොඩ ප්‍රදේශයේ දී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

Leave A Reply

Your email address will not be published.