ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිති එකමුතුව විපක්ෂ නායක හමුවෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිති එකමුතුව අද දින විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා විජයරාම පිහිටි ඒ මහතාගේ නිල නිවසේ දී හමු විය.
මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූයේ 2019 අයවැය රාජ්‍ය සේවකයින් සඳහා වැඩි කළ රුපියල් 2500/- මුදල අර්ධ රාජ්‍ය ආයතන වල සේවකයින්ට ලබා නොදීම පිළිබඳවය. එම වැටුප් වැඩි කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛනය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබුණද මහා භාණ්ඩාගාරය විසින් අවශ්‍ය චක්‍රලේඛන නිකුත් නොකිරීම මෙයට හේතු වී ඇත. නමුත් අගමැතිවරයා යටතේ තිබෙන අර්ධ රාජ්‍ය ආයතන වලට මෙම වැටුප් වැඩිවීම සිදු කර ඇත.
අර්ධ රාජ්‍ය ආයතන වල සේවකයින්ට 2019 අයවැය 2019 අයවැය වැඩි වූ මුදල ලබා ගැනීමට පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති එකමුතුව ගෙනයන සටනට සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකතුමන් ගෙන ඔවුන් මෙහිදී ඉල්ලා සිටියේය.
විපක්ෂ නායක වරයා ප්‍රකාශ කළේ තමා කම්කරු ඇමතිව සිටි කාලයේ දී භේදයකින් තොරව සියලුම වැඩ කරන වැඩකරන ජනතාවට එක ලෙස සැලකූ බවය. එසේ ම වැටුප් විෂමතා සහ වර්තමාන රජයෙන් වන අකටයුතුකම් අනාගතයේ නිවැරදි කරන බව ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සහ විපක්ෂ නායකවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සුමිත් විජේසිංහ මහතා ද සහභාගී විය .

රොහාන් වැලිවිට

මාධ්‍ය ලේකම්

Leave A Reply

Your email address will not be published.