ජාතික භෞතික සැලසුම් මත ආයෝජන සිදු කිරිම මගින් රටේ ආර්ථික ගැටළු විසදා ගත හැකියි

ජාතික භෞතික සැලසුම් මත ආයෝජන සිදු කිරිම මගින් රටේ ආර්ථික ගැටළු විසදා ගත හැකි බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අමාත්‍යවරයා තව දුරටත් අදහස් දක්වමින්

“කැලෑවල පාරවල් කාපට් කළාට, ගම්මානවල ඡන්ද ගැනම හිතලා වැඩ කළාට වැඩක් නැහැ මෙම ජාතික භෞතික සැලසුමට අනුව මහා මාර්ග පද්ධති සහ අනෙකුත් දෑ අපි දියුණු කළහොත් රටට ආර්ථික ප‍්‍රතිලාභ ලැබෙනවා.

එහෙම නැත්නම් වෙන්නේ රට අද මුහුණ පා තිබෙන ණය තත්වයට මුහුණ දෙන එක. ඔබතුමාලා දන්නවා ඇති ගිය අවුරුද්දේ අපේ රජයට ලැබෙන ආදායම වගේ 108% ක් ගියා ණයයි පොලියයි ගෙවන්න.

මෙම වසරේදී පළවෙනි මාස 06 තුළදී භාණ්ඩාගාරයට එකතු වී තිබෙන්නේ රුපියල් බිලියන 894 යි. හැබැයි ණයයි පොලියයි තිබුණා බිලියන 1100 ක්.

ඒ කියන්නේ කාටත් පැහැදිලිය ණයයි පොලියයි ගෙවා ගන්න තරම්වත් තත්වයක් අපට අද නැහැ අපේ ආදායමෙන්. හේතුව ජාතික භෞතික සැලසුමකින් තොරව තැන් තැන්වල ආයෝජනය කර මහජනතාවට එම බදුබර වැටී තිබෙන නිසා.

එමනිසා අප අවධාරණය කරන්නේ රටේ විද්‍යාඥයො එයට ගැලපෙන අයුරින් සාදා තිබෙන ජාතික භෞතික සැලසුම මත ආයෝන සිදු කලා නම් මේ රටේ කිසිදු ගැටලූවක් ඇතිවෙන්නේ නැහැ කියන එක තමයි අපේ අදහස.“

යනුවෙන් කියා සිටියා.

 

Leave A Reply

Your email address will not be published.