ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන සන්ධානය විසින් පොදු අපේක්‍ෂකයෙකු බවට පත් කර ඔහුට සහාය දිය යුතු බව එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් තම පුද්ගලික අදහසක් ලෙස යෝජනා කර ඇති බව එජාපයේ සමීප අන්තර්ජාල වෙබ් අඩවියක් වාර්තා කර ඇත.
ඊට අනුව 2015 වසරේදී මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිටි බලවේග අදද ඒ ආකාරයෙන්ම සිටින නිසා එම කදවුර පැරදවීමට නම් 2015දී යහපාලනය වෙනුවෙන් කටයුතු කල සියළු දෙනා එකට සිටිය යුතු බවද අගමැතිවරයාගේ මතය වී ඇත.
මේ තීරණාත්මක අවස්තාවේ තම කදවුර විසිරී යනවාට වඩා අනුර දිසානායකට සහයෝගය දීම වඩාත් උචිත බවද අගමැතිවරයා පවසා ඇතැයි එම ආරංචි කියයි.
ඔහුට දෙමල සන්ධානයේ, වතුකරයේ මෙන්ම දෙමල මුස්ලිම් පක්‍ෂ සමගින්ද එක්වීමේ ගැටළුවක් ඇති නොවනු ඇති බවද අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
උපුටා ගැනීම – ලංකා සි නිවුස්