ඉදිරි දිනවල වැස්ස වැඩි වේ

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කීපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ පවතිනවා.

අනෙකුත් පළාත්වල, විශේෂයෙන් නැගෙනහිර පළාතේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි පෙන්වා දෙන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ක පමණ තද වැසි ද වයඹ පළාතේ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50ට වැඩි තරමක වැසි ද ඇති විය හැකියි.

Leave A Reply

Your email address will not be published.