නව යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා පත් කරන්නට බොහෝ සෙයින් ඉඩකඩ පවතින බව විශ්වාසයි ආරංචි මාර්ග පවසනවා.
ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධුර කාලය අවසන් වුයේ ඊයේ (18) දිනයේදී. නමුත් මේ වන විටත් නව හමුදාපතිවරයෙක් පත් කිරීම හෝ හිටපු හමුදාපතිවරයාගේ කාලය දික් කිරීම ප්‍රකාශයට පත් වුයේ නැහැ.
පසුගිය දිනවල ආරංචි වලින් කියවුනේ එය මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ලබා දෙන බවයි. තවත් ආරංචි කියා සිටියේ ජනපතිවරයාට හිතවත් ම නිලධාරියා ලෙස නැවතත් හිටපු හමුදාපතිවරයාගේ කාලය දික් කිරීම සිදු වනු ඇති බවයි. එමෙන්ම මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ගේ නම ද කරළියේ පැවතුනා.