ගෝඨාභය යුද අපරාධකරුවෙක්..ඔහුට දෙමළ ඡන්ද නෑ.. – දෙමළ සන්ධානය

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද අපරාධකරුවෙක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා පවසනවා.

ඒ හේතුවෙන් දෙමළ ජනතාව කිසිවෙක් ඔහුට ඡන්දය ලබා නොදෙන බවද මන්ත්‍රීවරයා පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ කිලිනොච්චියේදී පැවති ජනහමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

ගෝඨාභය රාජපක්ෂ මහතා එළිපිටම දමිළ ජනතාව ඝාතනය කළ අයෙක් බවද පැවසූ ඔහු විසි වන සියවසේ සිටි හිට්ලර්ගෙන් පසු ජන සංහාරයක් සිදු කළ නායකයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝකය විසින් හඳුන්වා දෙන බවද සඳහන් කළා.

 

cnews

Leave A Reply

Your email address will not be published.