ජනපතිවරණය පැවැත්වෙන දිනය මෙන්න

එළැඹෙන නොවැම්බර් මස 16 හෝ 23 වැනිදා මීලග ජනාධිපතිවරණය පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා. දෙසැම්බර් මස මුල සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිසා ඊට පෙර මෙම කටයුතු අවසන් කළ යුතුයි.

ජනාධිපතිවරණය කැඳවීම ඔක්තෝබර් මුල සතියේ සිදු කෙරෙනු ඇති බවයි දන ගන්නට ලැබෙන්නේ.

නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 අතර දිනයක ජනාධිපතිවරණය පැවැත්වෙන බව මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද සදහන් කර තිබුණා.

අවම වශයෙන් දින 44ක් උපරිම දින 65ක කාලයකදී ජනාධිපතිවරණය පැවැත්විය හැකි බව සභාපතිවරයාගේ අදහසයි.

Leave A Reply

Your email address will not be published.