චන්ද්‍රිකා ශ්‍රීලනිප බලය අල්ලයි ?

තමන් ශ‍්‍රීලනිපය යළි ශක්තිමත්ව ගොඩනැගීමේ වගකීම භාරගන්නේ යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දන්වා ඇත.

ඇය මේ බව දන්වා ඇත්තේ පසුගිය 15 වැනිදා ශ‍්‍රීලනිප මූලස්ථානය පැමිණීමෙන් පසු ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු හමුවෙමිනි.

ශ‍්‍රීලනිපය වෙනත් පක්‍ෂවල අතකොළුවක් නොවිය යුතු බවත් පවසා ඇති ඇය ශ‍්‍රීලනිපය ගොඩ නැගීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බවද පවසා තිබේ.

එම කටයුතු වෙනුවෙන් තමනට පක්‍ෂ මූලස්ථානයෙන් වෙනම කාමරයක් වෙන් කරන ලෙසද ඇය දන්වා ඇත.

Leave A Reply

Your email address will not be published.