ශ්‍රී ලකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 06 ක ජයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ලෝක ටෙස්ට් ශුරතාව වෙනුවෙන් පැවති ප්‍රථම ටෙස්ට් තරගයෙන් කඩුළු 06 ක ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ මීට සුළු මොහොතකට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී .

නවසීලන්ත පළමු ඉනිම 249 කට නිමා වුණා. එහිදී රොස් ටේලර් ලකුණු 86 ක් ලබා ගත් අතර අකිල ධනංජය කඩුළු 05 ක් සහ සුරංග ලක්මාල් කදුළු 04 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පළමු ඉනිම සඳහා ලකුණු 267 ක් ලබා ගත් අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 61 ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 50 ක් ලබා ගත්තා. එහිදී ඒ.වයි. පටෙල් කඩුළු 05 ක් ලබා ගත්තා.

නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 285 කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. කදුළු රකින ක්‍රීඩක බී.ජේ. වෝටින් ලකුණු 77 ක් ලබා ගත්තා. ලසිත් ඇඹුල්දෙනිය කඩුළු 04ක් සහ ධනංජය සිල්වා කඩුළු 03 ක් ලබා ගත්තා.

ජයග්‍රාහි ලකුණු 268 ක් ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කදුළු 04 ක් දැවී එම ඉලක්කය පසු කළා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 122 ක් සහ ලහිරි තිරිමාන්න එහිදී ලකුණු 64 ක් රැස් කළා.

Leave A Reply

Your email address will not be published.