ක්‍රිකට් ලෝක කුසලානය පොලිසියට

ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම විසින් 6 වැනි පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කිරුළ හිමිකර ගැනීමට සමත්ව තිබේ.

එංගලන්තයේ වුස්ටන් නගරයේදී පවත්වන ලද 06 වැනි පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයදී බටහිර ඕස්ට්‍රේලියානු පොලිස් කණ්ඩායම පරදා ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ලෝක පොලිස් ක්‍රිකට් ශුරතාවය අද හිමිකරගෙන ඇත.

ආසියානු පොලිස් ක්‍රිකට් කණ්ඩායමක් ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාවය දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

මෙම තරගය සඳහා එංගලන්තය, ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, කැනඩාව ඇතුළු රටවල් නියෝජනය කරමින් පොලිස් ක්‍රිකට් කණ්ඩායම් 09ක් සහභාගි විය.

ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම සඳහා පොලිස් ක්‍රිඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී පුෂ්ප කුමාර මහතා නායකත්වය ලබාදුන් අතර ජයග්‍රාහී කණ්ඩායම ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.