“මේ රට වෙනස් කරන්න කැමති නම්, පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කැමති නම් දැන් තෝරා ගැනීමට මධ්‍යස්ථානයක් තියෙනවා. ඒක තමයි ජාතික ජන බලවේගය. අපි 18 ඉදිරිපත් කරනවා අපේක්ෂකයෙක්. ඔහු තමයි විකල්ප බලවේගය බවට පත්වෙන්නේ.ඒ නිසා දැන් රාජපක්ෂලා පරාජය කරන්න කැමති හැමෝටම දැන් ඉන්නවා විශ්වාසවන්ත අපේක්ෂකයෙක් යනුවෙන් ජ.වී.පෙ.ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
කොළඹදී පවතී මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
“රැල්ල හැදෙන්නේ ඔහුත් එක්ක. එජාපය මෙයට අදාළ නැහැ. මොකද ඉදිරිපත් කරන්න කලින් පරාජය වෙලා තියෙන්නේ “ඔවුන් යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.
ගෝඨාභය රාජපක්ෂ මහතා වටා ලොකු රැල්ලක් ඇතිවී තිබෙනවා නේද යැයි මාධ්‍යවේදියෙක් එහිදී විමසා සිටියා.
ඔහු කියා සිටියේ එය රැල්ලක් නොව හැමදාම රාජපක්ෂ මහතා පන්සල් වලට යනවිට පස්සෙන් යන මැදමුලන වහල්ලු ටිකක් සිටින බවත් ඒ යන්නේ ඒ පිරිස බවත් ය.