ගෝඨාගේ ඇමරිකා පුරවැසිකම අහෝසි බවට සාක්ෂි මෙන්න

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි වීමේ කිසිදු ගැටළුවක් නැති බව හිටපු විදේශ ඇමති වරයෙකු වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා පවසයි.

ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් මාස තුනකට වරක් නිකුත් කරන ලේඛණයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම නැති වීම සාමාන්‍ය දෙයක් බව ද ඔහු සඳහන් කරයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පුරවැසි භාවයක් අහෝසි කිරීම සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් සිය වාර්තාවෙන් නම ඇතුළත් කිරීම අතර කිසිදු සම්බන්ධයක් නැති බව ද ඔහු කියා සිටී.

ඇමරිකානු පුරවැසිභාවය අතහැර දීර්ඝ කාලයකට පසුව එම භාණ්ඩාගාර දෙපාර්තමේන්තු ප්‍රකාශනයේ නම පලවන බවද ඔහු සඳහන් කළේය.

හිටපු ඇමතිවරයෙක් වන මිලින්ද මොරගොඩ මහතා ද 2010 වසරේදී ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ ද කළද එය මෙම ලේඛනෙය් පල වීමට වසරකට වඩා වැඩි කාලයක් ගත වී ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Lankacnews

Leave A Reply

Your email address will not be published.