මෛත්‍රී ට දෙන තනතුර ගැන වාසු කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයටත්, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයටත් පත්වන ආණ්ඩුව තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමීම සුදුසු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ පිළිබඳව අදහස් පල කළේය.

මේ අතර පළාත් සභාවද ජනාධිපතිවරණය ද මේ මොහොතේ පැවැත් විය යුත්තේ යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් නානායක්කාර මහතා කියා සිටියේ, මේ මොහොතේ ජනාධිපතිවරණයට මුළු රටම පෙළ ගැසී ඇති බවත්, එනිසා ජනාධිපතිවරණය පැවැත් වීම මේ මොහොතේ සුදුසුයි යනුවෙනි.

කෙසේ වෙතත් ඒ සමඟ පළාත් සභා ඡන්දයත් පැවැත් විය හැකි නම්, එහි වරදක් නොමැති බවත් පැවසු නානායක්කාර මහතා, එය සංකූල තත්ත්වයක් ඇති කරයි යනුවෙන් ද පැවසීය.

අධිකරණයට ගොස් තීන්දුවක් බලාපොරොත්තු වීමෙන් ජනාධිපතිවරණයක් කල් දැමෙන්නේ නැති බවද පැවසු නානායක්කාර මහතා, ජනාධිපතිවරණයෙන් පසුව හෝ එයත් සමඟ පළාත් සභා මැතිවරණය පවත්වනු බව සඳහන් කළේය.

එසේත් නැතිනම් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත් වෙයි යනුවෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ජනාධිපතිවරණය කිසිදු හේතුවක් මත කල් දැමෙන්නේ නැති බවද පැවසු ඒ මහතා, එවැනි තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂමට හෝ බලයක් නොමැති බව පැවසීය.

එජාපයේ සන්ධානය ගැන සෙනසුරාදා පල කිරිම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යෙව්දීන් ප්‍රශ්න කර සිටි අතර, එයට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ, එජාපය සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය නුදුන්නොත්, “එක්සත් ජාතික පක්ෂය මහා භූමිකම්පාවකට හසුවන“ බවයි.

කෙසේ හෝ සජිත්ට අපේක්ෂකත්වය දුන්නොත් එක්සත් ජාතික පක්ෂය තුළ විශාල කැලඹීමක් ඇති වෙන බවද මන්ත්‍රිවරයා මෙහිදී පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.