හමුදාපති මහේෂ් සේනානායක මහතා ට තවත් සේවා දිගුවක් ?

වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ගේ සේවා කාලය අගෝස්තු 18 (ඉරිදා) අවසන් වීමට නියමිතයි.

අද බොහෝ වෙබ් මාධ්‍ය වාර්තා කර තිබුණේ එහා ශවේන්ද්‍ර සිල්වා මහතාට ලැබෙනු ඇති බවයි. නමුත් මේ මොහොත වන විටත් කිසිම ආකාරයකින් පත් කිරීඑමක් හෝ සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ලබා දී නැහැ.

නමුත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් කියවෙන්නේ යලිත් වරක් වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ගේ සේවා කාලය දික් කරනු ඇති බවයි. ඊට හේතුව වන්නේ ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තම හමුදා නිලධාරියා වන්නේ ඔහු බැවින් බවයි පැවසෙන්නේ.

මේ වන විටත් ජනාධිපතිවරයා සහ යුද හමුදාපතිවරයා නාඋල ප්‍රදේශයේ යුදහමුදා විශේෂ බලකා විසර යාමේ උත්සවයට එකට සහභාගී වී සිටිනවා.

Leave A Reply

Your email address will not be published.