ඉදිරි සති කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂය කොටස් තුනකට කැඩෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඒ අමාත්‍ය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ කොටස, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොටස සහ පොදු ජන පෙරමුණ සමඟ එකතුවන කොටස වශයෙන්.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද(16) පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී.
එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු නම් කර ගත නොහැකිව මේ වන විට ලතවෙමින් පසුවන බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියා