ෆොන්සේකා ඉන්නෙත් මහින්දගේ මතයේ

දේශපාලනික වශයෙන් පොදුජන පෙරමුණට එක්වීම පිළිබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කිසිදු ආකාරයක අදහසක් පල කර නොමැති බවපාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

නමුත් රටේ ජාතික ආරක්ෂාව නැමැති කාරණයේ දී ඒකාබද්ධ විපක්ෂය, මහින්ද රාජපක්ෂ මහතා හා සරත් ෆොන්සේකා මහතා එක මතයක සිටින බව ඒ මහතා ප්‍රකාශ කරයි.

අද පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

අගෝස්තු 11 වන දින ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පසුව ඔහු සිදු කළ කතාව වචන පමණක් වෙනස් කර සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ බව ද ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතාට ඇත්තේ යාචක මානසිකත්වයක් පමණක් නොවන බවත් කිසිදු ඉදිරි දැක්මක් නොවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එසේම සජිත් ප්‍රේමදාස මහතාගේ පියා 88, 89 යුගයේ සිදු කළ මර්ධනය නැවත කිරීමට සජිත් ප්‍රේමදාස මහතා පන්නරයක් ලබා ගෙන ඇති බව ද ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.