ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) දිනයේ කතරගම පුදබිමට පැමිණීමට නියමිතව ඇත.
අද පස්වරුවේ කතරගම පුදබිමට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතා කිරිවෙහෙර විහරස්ථානයේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමට නියමිතයි.
කිරිවෙහෙර රජමහ විහාරස්ථානයේ දී පහන් 84,000ක ආලෝක පුජාවක් පැවැත්වීමට සහ එහිදී ජය පිරිත් සඡ්ඡායනය කොට ආශිර්වාද පූජාවක් පැවැත්වීමට ද නියමිතව ඇත.