දකුණු ඉන්දීය සුපිරි නළු විජේගෙන් හැමෝටම රත්‍රං මුදුවක්

දකුණු ඉන්දීය සුපිරි නළු විජේ, සිය නවතම සිනමා පටයේ නිෂ්පාදක කණ්ඩායමේ සියලු සාමාජිකයින් වෙත රන්මුදු තිලිණ කර තිබෙනවා.

ඔහු ප්‍රධාන චරිතය නිරූපනය කරන ‘බිගිල්‘ සිනමා පටයේ 400 දෙනෙකුගෙන් සමන්විත නිෂ්පාදක කණ්ඩායම වෙත ඔහු මෙලෙස රන් තිලිණ ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු ඉන්දියාවේ වැඩිම ගෙවීමක් සහිත රංගන ශිල්පීන් අතරට අයත් වෙන විජේ මේ වන විට 45 හැවිරිදි වියේ පසුවනවා.

ඔහුගේ නවතම සිනමා නිර්මාණය වන ‘බිගිල්‘ සිනමා පටයේ රූගත කිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති අතර ලබන ඔක්තෝබර් මාසයේ එහි ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

විජේ මීට පෙර අවස්ථා කිහිපයක දී ද සිය චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම් වෙත මෙලෙස රන් තිලිණ ලබා දී ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Leave A Reply

Your email address will not be published.