යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇති බව යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සදහා අද (14) උදෑසන නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වී.
එහිදි ඔහු පැවසුවේ පසුගිය දා සිදු වූ ප්‍රහාරත් සමඟ යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් ආරක්ෂාව සැපයීමට ත්‍රිවිධ හදාව මෙන්ම පොලීසියට බැදී සිටින බවයි.
එම නිසා උත්සවයට පැමිණේන බැතිමතුන්ට කිසිදු බියක් ඇති කර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවද ඒ මහතා අවධාරණය කළේය.
උතුරු ප්‍රදේශයෙන් ආරක්ෂාව ඉවත් කීරිම ඇතැමුන් ප්‍රකාශ කරන බවට මාධ්‍ය වේදියෙක් කළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසුවේ ආරක්ෂාව සැපයීම ආරක්ෂක අංශ සතු කාර්යයක් බවත් ඒ සඳහා කටයුතු කිරීමට සඳහා නිවැරදී දැනුමක් ඇත්තේද ආරක්ෂ අංශවලට පමණක් බවයි.