ශ්‍රී ලංකා පොදුජන විසින් පෙරමුණ විසින් පසුගිය 11 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පවත්වන ලද එම පක්ෂයේ සම්මේලනය සඳහා පැමිණ සිටියේ කලින් පුරුදු පුහුණු කරන ලද රොබෝවරුන් පිරිසක් බව මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.
එම සම්මේලනයේ පොදු ජනතාව නොසිටි බවද ඔහු පැවසීය.
සැබෑ ලෙසම පොදු ජනතාව සිටියේ බදුල්ලේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පවත්වන ලද ජන හමුවේදී බවද ඔහු සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට උවමනා කරන්නේ මිනිසුන් නොව රොබෝවරුන්, යන්ත්‍ර පමණක් බවද ඔහු පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.
උපුටා ගැනීම – lankacnews