ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මෙන්ම එම පක්ෂයේ නියෝජිතයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටින බව අද දෙරණ වාර්තාකරු සදහන් කළේය.
අද උදෑසන පළමුව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැදපුදා ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගොස් මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබේ.
ඉන් අනතුරුව ඔවුන් අස්ගිරි මහා විහාරය වෙත ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත් බව දැන ගන්නට ලැබෙනවා..