රට තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම මතයක් දැරීමේ නිදහස පවතින බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (13) පස්වරුවේ මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේයෙ.
එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායක රැස්වීමක් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විය.
රැස්වීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යයට අදහස් පළ කළේය.
බිම් මට්ටමේ සංවිධාන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කළ බවද පැවසු අමාත්‍යවරයා, එහිදී සියලු සංවිධාන එක් කර ගනිමින් ඉදිරියට යන ආකාරය ගැනත් ඒ සඳහා යොදන ක්‍රම උපායන් ගැනත් සාකච්ඡා වු බව පැවසීය.
මෙහිදී ෆොන්සේකා මහතා ඊයේ දිනයේ දී මාධ්‍යයට දැක්වු අදහස් පිළිබඳව ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.
එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රටේ ඕනෑම අයෙකුට කථා කිරීමේ අදහස් දැරීමේ නිදහස ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය නොදෙන්නේ මන්දැයි ප්‍රශ්න කිරීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ, “සත්‍ය කවදා හෝ ජයගනී“ යනුවෙන් පැවසීය.
ඉදිරියේ දී මැතිවරණ අපේක්ෂකයා පිළිබඳව පක්ෂය තීරණය කරනු ඇති බවත් පැවසු අමාත්‍යවරයා, ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපතිවරණයට පැමිණීම තුළින් තම දේශපාලන ගමන තීරණය නොවන බවද මෙහිදී සඳහන් කළේය.
ඉදිරි ගමන තීරණය වන්නේ ප්‍රතිපත්ති හා දර්ශනය තුළින් බවත් පැවසු අමාත්‍යවරයා, තමා කිසිදු දෙයක් ගැන අසුභවාදීව නොසිතන බවත් තමා සුබවාදී ඉදිරි ගමනක් යන අයෙක් බවත් කියා සිටියේය.