පොහොට්ටුවට ශ්‍රී ලංකා එක දියකරන්න දෙන්නේ නෑ..අපි නැතුව ජනාධිපතිවරු හදන්න බෑ.. – දුමින්ද දිසානායක Video

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නොමැතිව 2020 ජනාධිපතිවරයා පත් කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති ජනහමුවකදී ඔහු මේ පිළිබඳව අදහස් පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාදකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි.

පොදුජන පෙරමුණට හෝ එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නොමැතිව ජනාධිපතිවරයෙක් හැදිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කර සිටියේ පොහොට්ටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීමට ඉඩ නොතබන බවයි.

Leave A Reply

Your email address will not be published.