ඇමෙරිකාව එක්ක ඩීල් තියෙන්නේ අපිට ද පොහොට්ටුවට ද?

ඇමෙරිකාව සමඟ එකඟතාවන් ඇත්තේ කාටද යන්න බව වර්තමානයේ සිදු වන සීදුවීම් සමඟ ජනතාවට වටහා ගත හැකි බව වරාය හ නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා එතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් දෙනියායේ පැවති සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිද මාධ්‍යවේදියෙක් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.

එයට පිලිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ තම පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීම සඳහා ක්‍ර‍මවේදයක් තිබෙන බවයි.

ඒ අනුව ඉදිරියේදි අපෙක්ෂකයා නම් කරන බවද අමාත්‍යරයා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.