හෙට තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පෙනුමක්.. වැස්ස නිසා තරගය ගැන සැකයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නව පෙනුමකින් හෙට(14) පිටියට පිවිසෙනු ඇත.

මෙම ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයින්ගේ ඇඳුමෙහි පිටුපස අංකයක් ප්‍රදර්ශනය කරන අතර එය පළමුවරට අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදී හඳුන්වා දෙන ලදි.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ආරම්භ වේ.

මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලිය යටතේයි.

දෙරට අතර අවසන් වරට 2018 දෙසැම්බර් පැවැති ටෙස්ට් තරඟයේදී ලකුණු 423කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර අවසන්වරට නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ජයගෙන ඇත්තේ 2012 වසරේදීය.

මේ අතර පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයට ක්‍රිඩා නොකළ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇත.

මේ අතර මේ වන විට තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ධාරාණිපාත වර්ෂාව ඇදහැලෙන අතර දිනය පුරාම මෙතෙක් කඩින් කඩ වර්ෂාව පතිත විය.

කාලගුණික අනාවැකි පවසා සිටියේ අද (13දා) සහ ඉදිරි දින කිහිපයේ ගාල්ලට මිලිමීටර 100කට ආසන්න වර්ෂාවක් පතිත විය හැකි බවයි. වර්ෂාව හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.