මිල සුත්‍ර කමිටුව අද රැස්වෙයි.. ඉන්ධන මිල වෙනස් වෙයිද ?

ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද දිනයේ රැස්වීමට නියමිතයි.

සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සූත්‍ර කමිටුව රැස් වී ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන අතර පසුගිය 10 දා රජයේ නිවාඩු දිනයක් බැවින් එම කමිටුව රැස නොවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව ලබන සඳුදා දිනයේද රජයේ නිවාඩු දිනයක් බැවින් අද ඉන්ධන මිල සූත්‍ර කමිටුව රැස්වනු ඇත.

මේ අතර පසුගිය මාසයේ රැස්වු ඉන්ධන මිල සුත්‍ර කමිටුව ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කළේය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් රුපියල් 02 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 05කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 05කින්ද පහත දැමුණි.

Leave A Reply

Your email address will not be published.