ගෝඨාට සහය දීමට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කරයි.. ගෝඨා එන්නේ ඡන්ද ලක්‍ෂ 65 ක් තියාගෙන

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලද බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කරනවා.

එම තීරණය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රීලනිපය සහයෝගය ලබාදෙන බව ද ඔහු පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නැතැයිද එක්සත් ජාතික පක්ෂ විරෝධීන් අපේක්ෂකයා වන ඔහුගේ ජය වෙනුවෙන් පක්ෂය කැපවන බවද මන්ත‍්‍රීවරයා ප්‍රකාශ කළා.

හිටපු ආරක්ෂක ලේකම් වරයාට සහාය නොදෙන බවට ඇතැමුන් කරන ප්‍රකාශ නොතැකිය යුතු බවත් ඒවා ඔවුන්ගේ පුද්ගලික මත බවත් පක්‍ෂයක් ලෙස මධ්‍යම කාරක සභාව රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද ලක්‍ෂ 50ක් ලබා ගත් අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා සන්ධානය ඡන්ද ලක්‍ෂ 15ක් ලබා ගත්තේය. ඒ අනුව හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දැනට ඡන්ද ලක්‍ෂ 65ක ඡන්ද ප‍්‍රමාණයකට හිමිකම් කියනු ඇතැයි සැලකිය හැකියි.

Leave A Reply

Your email address will not be published.