ඊයේ පස්වරුවේ අනුරාධපුර රුවන්මැලි මහා සෑය අභියසදී පැවැත්වූ අධිෂ්ඨාන පූජාවට ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණා. මෙම අධිෂ්ඨාන පුජාව සඳහා මහා සංඝරත්නය 1500 නමක් වැඩම කරවා සිටි අතර ඉතා විශාල ජනකායක්ද එක්ව සිටියා.
එහිදී එම ආශීර්වාද පුජාවට සහභාගී වූ මහා සංඝයා වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ ජනතා අපේක්ෂාවන් ඉටු කරන ලෙසත්, රටට ආදරය කරන ලෙසත් ය..
ඒ සඳහා මහා සංඝ රත්නයේ ආශිර්වාදය හිමිවන බවත් එහිදී අදහස් දැක්වූ පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් කියා සිටියා.