ගෝඨාභය වෙනුවෙන් රුවන්මැලි මහා සෑය අභියස අධිෂ්ඨාන පූජාවක්

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්මැලි මහා සෑය අභියසදී පැවැත්වෙන අධිෂ්ඨාන පූජාවට සහභාගී වීම සදහා අද (12) පස්වරුවේ අනුරාධපුරයට පැමිණියා.

අද පස්වරුවේ අනුරාධපුරය බලා පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති අපේක්ෂක ඝෝඨාභය රාජපක්ෂ මහතා රුවන්මැලි මහා සෑයේ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ද බැහැදුටුවා.

ඉන් අනතුරව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු පිරිස රුවන්මැලි මහා සෑය අභියසදී පැවැත්වෙන අධිෂ්ඨාන පූජාවට සහ ජය පිරිත් සජ්ඣායනයට එක්වුනා.

මෙම අධිෂ්ටාන පුජාව සඳහා මහා සංඝරත්නය 1500 නමක් වැඩම කරවා ඇති අතර ඉතා විශාල ජනකායක්ද මේ වන විට එම අවස්ථාවට එක්ව සිටිනවා.

Leave A Reply

Your email address will not be published.