Ideal First Choice වෙතින් මෙරට රථවාහන සඳහා උසස් සේවාවක්

විවිධ සන්නාම යටතේ එන සියලුම රථවාහන සඳහා ලොව අනර්ඝ තත්ත්වයේ උසස් සේවාවක් දීපව්‍යාප්තව ලබා දීමේ අරමුණින් අයිඩියල් සමූහ ව්‍යාපාරය Ideal First Choice නමින් සිය නවතම සේවා ආයතනයක් ආරම්භ කර ඇත. එම සේවාව හඳුන්වා දීමේ ප්‍ර ථම පියවර 2018 වසරේ ජූලි මාසයේදී යක්කල ප්‍රදේශයෙන් ආරම්භ කළ අතර මේ වන විට එය පුත්තලම, යාපනය, තිස්සමහාරාමය, කැලණිය සහ දඹුල්ල යන ප්‍ර දේශ දක්වා ව්‍යාප්ත කර ඇත.
ප්‍රමුඛ පෙලේ රථවාහන සේවා සැපයුම් ආයතනයක් වන අයිඩියල් සමූහ ව්‍යාපාරයේ මෙම නවතම සේවා ආයතනය මගින් රථවාහනවල මිකැනිකල් අලුත්වැඩියාව, වාහන සර්විස් කිරීම්, AC සහ ඉලෙක්ට්‍රිකල් අලුත්වැඩියා, බඳ සහ පින්තාරු කිරීම් වැනි සේවා රැසක් එකම වහලක් යටින් ලබා ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයන්ට උදා කර ඇත.
මෙම Ideal First Choice ආයතනයේ කැපිපෙනෙන සුවිශේෂතා වන්නේ නියමිත වෙලාවට සේවා ලබා දීම, කාර්යක්ෂමතාව, පාරිභෝගික අවශයතා සමග සමීපව කටයුතු කිරීම සහ බාධාවකින් තොර සේවාවක් මෙරට රථ වාහන භාවිත කරන්නන්ට ලබා දීමයි. එමෙන්ම සිය පාරිභෝගිකයන්ට වඩා ගුණාත්මක සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින් වාහනවල යාන්ත්‍රික දෝෂ ඇති වූ විට එම ගැටලුවලට පිළියම් ලබා ගැනීම සඳහා නොමිලේ දුරකථන උපදෙස් සේවාවක් ද Ideal First Choice ආයතනය හඳුන්වා දී ඇත.
තවද අනතුරට පත් රථවාහන සඳහා පැය 24 පුරා පවත්නා දෛනික කඩිනම් ආපදා සේවාවක් (RSA) සහ වාහන අලුත්වැඩියා කිරීමේ සේවාවක් වඩා සහනදායී මිලකට මෙම ආයතනය මගින් ලබා ගැනීමේ හැකියාව ඇත. මේ වන විට, අනතුරට පත් වාහන ඔසවාගෙන යාම සඳහා නොමිලේ සේවාවක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන අතර නුදුරේදීම මෙම සේවාව Ideal First Choice හී අනෙකුත් ප්‍රාදේශීය සේවා ආයතනවලට අනුබද්ධිතව ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.
ඉදිරි මාස හය ඇතුළත නවතම Ideal First Choice සේවා ආයතන රැසක් ප්‍රදේශ 15ක් ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිත අතර එමගින් මෙරට තරුණ-තරුණියන්ට රැකියා අවස්ථා 500කට වැඩි ප්‍මාණයක් උත්පාදනය කිරීමට නියමිතය.


අයිඩියල් සමුහ ව්‍යාපාරයේ සභාපති, නලින් වෙල්ගම මහතා සඳහන් කළේ ”මෙරට වෙළඳපොළ තුළ පැවති ප්‍රධාන අඩුපාඩුවක් වන්නේ රථවාහන භාවිත කරන වාහන හිමියන්ට ප්‍රාදේශීය වශයෙන් නිසි ලෙස සේවා ලබා ගත හැකි ආයතනයක් නොමැති වීමයි. මෙම නව Ideal First Choice ආයතනය මගින් වෙළඳපොළ තුළ පැවති එම අඩුපාඩුව සපුරනවා. එය මහින්ද්‍රා සන්නාමය ප්‍රමුඛ අප සමූහ ව්‍යාපාරයේ සේවා ශක්තිමත් කිරීමට උපකාරී වනවා ” යනුවෙනි.

අයිඩියල් සමූහ ව්‍යාපාරයේ රථවාහන ව්‍යාපාර අංශයේ අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න මහතා මෙම නව සේවා අංශයට නායකත්වය ලබා දෙන අතර ඔහු සඳහන් කළේ BOSCH, AkzoNobel වැනි ප්‍රකට ආයතන ප්‍රමුඛ සන්නාම වශයෙන්ද Wurth,Valvoline, Lanka IOC සම සන්නාම ආයතන වශයෙන් ද Ideal First Choice සමග අත්වැල් බැඳගෙන ඇති බවයි.

Ideal පිළිබඳ
මුල්‍ය, පුනර්ජනනීය බලශක්ති, ලොජිස්ටික්, රථවාහන, ප්‍රවාහන, බලශක්ති ප්‍රවර්ධන, වාහන උපාංග මෙරටට සපයන ප්‍රමුඛ පෙළේ සේවා ආයතනයක් වන අයිඩියල් සමුහ ව්‍යාපාරය, රු බිලියන 20කට අධික ව්‍යාපාරික වටිනාකම් සමගින් මෙරට ආර්ථිකයට විශිෂ්ට දායකත්වයක් සපයයි.

Leave A Reply

Your email address will not be published.