තාත්තා වගේම මමත් ජනතාව වෙනුවෙන් දිවි පුජා කරන්න සුදානම්-සජිත්

සංවර්ධනය තුලින් මාතෘ භූමියට අගය එකතු කරන වැඩපිලි වෙලක් ඉදිරියේදි ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බදුල්ල වීල්ස් පාර්ක් පිටියයෙදී අමාත්‍යවරයා පිලිගැනීම සඳහා අද (12) සංවිධානය කර තිබු විශේෂ උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදි අසහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ තරුණ ජවය මුල් කර ගත් නවීන ආර්ථික ක්‍රමයක් රට තුල බිහි කිරීමට ඉදිරියේදි කටයුතු කරන බවයි.

ඒ සඳහා කළ යුතු නව සංවර්ධන වැඩ පිලිවේලක්ද ඉදිරියේදි ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමේම ත්‍රාස්තවාදයට රටේ ඉඩක් නොමැති බවත් ඔවුන් සියල්ල විනාශ කරන බවත් පැවසු අමාත්‍යවරයා පෙන්වා දුන් ත්‍රාස්තවාදය ඇති කරන ප්‍රධාන ක්‍රියාකරුවන් කවුරුන්ද යන්න සොයා ගත යුතු බවයි.

කිසිදු අවස්ථාවකදී මාතෘ භූමීය කොටස් කරන්නට ඉඩ නොදෙන බවත් සැබෑ දේශප්‍රේමීන් අති කරමින් රට ගොඩ නගන්නට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදි අවධානය කළේය.

යම් කිසි ගිවිසුමකින් රටට සෙතක් වන්නේ නම් එම ගිවිසුම අත්සන් කළ යුතු බවත් නමුත් රටට අහිත කර ආරක්ෂ ,වෙළඳ, දේශපාලන ගිවිසුමක් අත්සන් නොකරණ බවටද ඔහු පොරොන්දු විය.

රට සංවර්ධන කිරීමට නම් තෘප්තිමත් රාජ්‍ය සේවයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසයි.

දසරාජ ධර්ම කෙන්ද්‍රකර ගනිමින් රාජ්‍ය පාලනය ඉදිරියේදි ක්‍රියාත්මක කරන බවත් මනුෂත්වට මුල් තැන දෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසයි.

තම පියා ජනතාව වෙනුවෙන් ජීවිතය පුජා කළ සේම තමන්ද ජනතාවට වෙනුවෙන් ජිවිතය පරිත්‍යාග කිරීමට සුදානම් බවත් ඔහු පැවසීය.

ජනතාවගේ සහයෝගයෙන් එළඹේන නොවැම්බර් මාසයේදි තමන් යා යුතු ඉහළම තැනට යන බවද අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.