ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ඉතාම භයානක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණිය හොත් රට හැදේවි යයි කිසිදු විශ්වාසයක් තමනට නැතැයිද ඇය සඳහන් කරයි.
ඔහු බලයට පැමිණියහොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වී යන බව ද හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.
ඇය මෙම අදහස් පල කරන්නේ ස්වාධීන රූපවාහිනී සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දීය.