ජනාධිපතිවරණයට ස්ථිරවම එනවා.. දිවි හිමියෙන් රට රකිනවා

තමනට ජනාධිපති ධූරයට පත් කළහොත් රටේ ජනතාව දිවිහිමියෙන් රකිනවා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම තමන් ඉදිරිපත් වන බව ද ඔහු සදහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර තිරප්පනේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

එම හමුව අමතමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ පරදා සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජය ගන්නා බවයි.

Leave A Reply

Your email address will not be published.