අක්කරයක් රුපියල් සියයයි.. අක්කර දහසක් කුණු කොල්ලෙට දෙයි..

යහපාලන ආණ්ඩුව ආණ්ඩුව ගත්තේ පලි ගන්න. ජනතාවගෙන් පලි ගන්න. රජපක්ෂලාගෙන් පලි ගන්න. හැබැයි අපි ආණ්ඩුව ගන්නේ වැඩ කරන්න. මහ දැවැන්ත තරුණ ප‍්‍රතිපත්තියක් මහ දැවැන්ත තරුණ වැඩපිළිවෙලක් එක්ක මේ මැතිවරණයයේදි මේ ආණ්ඩුව අනිවාර්යෙන්ම පෙරළනවා යැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රජපක්ෂ මහතා කෑගල්ලේදි පැවසීය.

ඒ මහතා මේ බව පැවසුයේ කෑගල්ල දිස්ත‍්‍රීක්කයේ ආසන මට්ටමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධාන පිහිට විමට එක් වෙමින් මාවනැල්ලේදිය.

මාවනැල්ලේ තරුණ සංවිධානය පිහිටවිමට පෙර ගලිගමුව, රඹුක්කන සහ තවත් ආසන කිහිපයකම තරුණ සංවිධාන පිහිටවිමට එතුමා එක් විය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මහතා මෙසේද කිය.

ලංකා දේශපාලන ඉතිහාසයේ වේගයෙන් රටේ පළමු දේශාපන බලවේගය බවට කෙටි කාලයකින් පත් වු දැවැන්ත දේශාපන පක්ෂයක් එක්ක. මේ පක්ෂය හදනකොට අපේ හාමුදුරුවනේ නොයෙක් අභියෝග ආවා එක පැත්තකින් අපි මැතිවරණ පැරදිලා ශ‍්‍රීලනිප එක්සත් ජාතික පක්ෂයත් එක්ක සන්ධාන ගත වේලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පංච මහා බලවේගය එදා බණ්ඩාරනායක මහත්තයා ඩි.ඒ රජපක්ෂ මහත්තයා අපෙක්ෂා කරපු දේශපාලන චින්තය අතහැරලා එක්සත් ජාතික පක්ෂයේ චින්තනය වැලද ගත්තාට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුලූ වාගේ දේශාපන බලවේගය තීන්දු කෙරුවා අපි ස්වාධින වෙන්න ඔනෑ කියලා. ඒ ආපු ගමනේදි ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමක් වෙනම දේශාපන පක්ෂයක් නිර්මාණය කරන්න ඔනෑ කියන මතේ අපි හිටියා.

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ජනපතිතුමා ප‍්‍රසිද්ධ මාධ්‍ය වෙත ඇවිත් කිවා අලූතෙන් පක්ෂයක් හැදුවොත් අපි මහ පාරේ ඇවිද්දවනවා කියලා අපි ඇවිද්දා අපි නුවර ඉදන් කොළඹට පයින් ගියා මැතිවරණයක් ඉල්ලාගෙන දේශාපනය කරනකොට මහ පාරේ ඇවිදින එක මහ ලොකු දෙයක් නොවෙයි. හැබැයි රටට හරි දේ පක්ෂිකයාට හරි දේ අපි විශ්වාස කරන දේශාපන දර්ශනය, චින්තය, ප‍්‍රතිපත්ති ආරක්ෂා කරන්න කැප වෙන්න ඔනෑ.

අපි ආරම්භ කරනවා අලූත් දේශාපන ගමනක් අතීතයේ දේශාපනයේ ඉගෙන ගත්ත පාඩම් අපි කරපු දේවල් අපිට වැරදුන තැන් හදාගෙන අලූත් දේශාපන ගමනක් අලූත් දේශාපන චින්තනයක් දර්ශනයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඉදිරිපත් වන ජනාධිපති අපෙක්ෂකයා ඇතුලූ පිරිස නව දේශාපන ගමනක් අපි ආරම්භ කරනවා. ඒ තමයි මේ රට වැටිච්ච තැනින් ගොඩ නගන්න ගන්න උත්සාහය. එක මේ හැම කෙනෙක්ම දන්නවා.

2015 ට කලින් මේ රටේ ආර්ථික වර්ධන වේගය සියට 8 යි. අසීයාවේ වේගයෙන්ම සංවර්ධනය වෙච්ච ආර්ථිකය. විරැුකියා අනුපාතය සියට 4.5 යි. මේ ඔනෑම නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට ව්‍යාපාරයක් කරන්න ඔනෑ නම් බැංකුවකට ගිහින් සියට 10 කට අඩුවෙන් පොලි අනුපාතික ණයක් ගන්න පුළුවන්. ආණ්ඩුව මැදිහත් වෙන්න ඔනෑ නැහැ සහන පොලියක් දෙන්න ආණ්ඩුවට මැදිහත් වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඔනෑම කෙනෙකුට ගිහින් අඩු පොලියට ණයක් ගන්න පුළුවන් සාධාරණ පොලියට බදු සාධාරණයි ගමේ පාරවල් ටික හැදුනා පන්සල හැදුනා පල්ලිය හැදුනා කෝවිල හැදුනා මහින්දෝදය විද්‍යාගාරය ගමට ආවා. තාක්ෂණ පිඨය ගමට ආවා විශ්ව විද්‍යාල ප‍්‍රවේශය වැඩි කලා. ඒ කාලේ අපේ ආණ්ඩුව තියෙන කොට.

මේ වසරේ තුන්ලක්ෂ හැටදහසක් උසස් පෙළ ලියනවා රංජන් රාමනායක මහත්තයා ඇතුලූව විසිඅටදහසකට විශ්ව විද්‍යාලයට යන්න පුළුවන් රංජන් රාමනායක මහත්තයාට යන්න පුළුවන් වෙයිද කියලා මං දන්නේ නැහැ. මේක තමයි යාතාර්ථය ඒ තත්වය වෙනස් කරන්න තමයි තාක්ෂණික විශ්ව විද්‍යාල හැදුවේ. ගමට බොහෝ අධ්‍යාපන ක‍්‍රම වේද හදුන්වා දුන්නත් අවසනාවකට 2015 පස්සේ මේ සියල්ල කඩා ගෙන වැටුනා.

අපේ රට අද වන විට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණපාලා සිටිනවා. අසීමිත බදු බර මේ ගමේ රටේ ජනතාව බදු ගෙවන්න විරුද්ධ වෙන්නේ නැහැ. බදු ගෙවන්න කැමැතියි. හැබැයි ඒ බද්ධ සාධාරණ වෙන්න ඔනෑ. ඒ ගෙවන බද්ධ අසාධාරණ නම් ඒ අසාධාරණ බදු ගෙවන්න මේ රටේ ජනතාව සුදානම් වෙන්නේ නැහැ. අනික් පැත්තෙන් තමන් ගෙවන බද්ධ රටට ආයෝජනය වෙන්න ඔනෑ. ගමේ පාර හැදෙනවා අපි දකින්න ඔනෑ නගර පුළුල් වෙනවා අපි දකින්න ඔනෑ රටේ ගමේ තොටේ පාරක් ඇළක් තොටක් හදන්න බැයිනම් ඒ ආණ්ඩුවට බදු ගෙවන්න මේ රටේ ජනතාව සුදානම් නැහැ. අද මහා ලොකු කොටිපති ව්‍යාපාරිකයන්ට බදු සහන දෙනවා.

පසුගිය දවසක මාගේ දිස්ත‍්‍රික්කයේ හම්බන්තොට තෙල් පිරිපහදුවක් හදනවා කියලා ලොකු කතාවක් ගියා. රනිල් මහත්තයා ගිහින් ලොකු උත්සවයක් කරලා මුල් ගලක් තිබුණා දැන් එක පැලවිලා එතන ඒහා පැත්තෙන් සිමෙන්ති කම්හලක් දාන්න අක්කර 200 ක් දුන්නා ව්‍යාපාරිකයෙකුට ඒ ව්‍යාපාරිකයාට හොරනින් අක්කර 100 දුන්නා. ත‍්‍රිකුණාමලයෙන් අක්කර 700 ක් දුන්නා. මේ එක ව්‍යාපාරිකයෙකුට හැබැයි අක්කරය රුපියල් 100යි. අක්කරය රුපියල් 100යි. කර්මාන්තය ගෙනාවානම් කමක් නැහැ නමුත් හොරන ටයර් පැක්ටරිය තාම හදලාත් නැහැ. හරියට එකත් ඔක්සගන් එක වාගේ තමයි.

හම්බන්තොට අක්කර 200 ක් දුන්නාට තාම මොනවාවත් හැදෙන්නේ නැහැ. ත‍්‍රිකුණාමලයේ 700 ක් දුන්නාට තාම මොනවාවත් හැදෙන්නේ නැහැ. රුපියල් 100 ට අක්කරය දුන්නාට කමක් නැහැ හැදෙනවා නම් අඩුම ගානේ සාධාරණියකරණය කිරිමක් නොවෙයි. අඩුම ගානේ රටේ ජනතාවට හිත හදා ගන්න පුළුවන් අපේ ජනතාවගේ ඉඩම් ටික අරන් මුන්ට මංකොල්ල කන්න දුන්නොත් රැුකියාවක් ගමේ ළමයෙකුට හම්බෙනවා කියලා නමුත් ඒ රැුකියාව ලැබෙන්නෙත් නැහැ.

අද රටේ ආර්ථික වර්ධන වේගය සියට 2.5 යි. මේ අපි නෙවෙයි කියන්නේ මහ බැංකුවේ අධිපතිතුමා තමයි කියන්නේ. මංකොල්ලකාපු කෙනාට පස්සේ ආපු කෙනා. මහ බැංකු අධිපතිවරයා කියන්නේ විරැුකියා ප‍්‍රතිශතය සියට 16 ට වැඩිය ඉහළ ගිහින් තියෙනවා. වසරක ලක්ෂ 4 කට හෝ 5 කට රැුකියා නැති වෙනවා. මේකට මහ බැංකු වාර්තා ඔනෑ නැහැ ගමේ එළියට බැහැලා බැලූවොත් පෙනවා කුලි වැඩ කරපු මනුෂයාට අද රැුකියාවක් නැතිව ඉන්නවා. පාරක් ගොඩනැගිල්ලක් හැදෙන තැන තේ කඩයක් දාලා විකුණපු මනුෂයාට අද බිස්නස් එක නැහැ. තැඹිලි සංචාරකයන්ට විකුණපු කෙනාට අද තැඹිලි ගෙඩියක් විකුණන්න අද සංචාරකයන් එන්නේ නැහැ. මහ දැවැන්ත ආර්ථික අර්බුදයකට අපි මුහුණ පා තිබෙනවා.

පාස්කු ඉරිදා සිද්ධිය ආණ්ඩුවට එක වලක්වා ගන්න තිබුණා ආණ්ඩුවට ලේසියෙන් වලක්වා ගන්න තිබුණා. මෛත‍්‍රීපාල ජනාධිපතිතුමාත් කියනවා මේ බොම්බ ප‍්‍රහාරය වලක්වා ගන්න තිබුණා කියලා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමත් කියනවා වලක්වා ගන්න තිබ්බා කියලා. ඇයි වලක්වා ගත්තේ නැත්තේ ඒ අය අත්අඩංගුවට ගත්තොත් දේශපාලනික වශයෙන් සමහර ජන කොට්ඨාංශ වලින් ජන්ද අඩු වෙයි කියලා අවසාන ප‍්‍රතිඵලය තමයි ජිවිත 350 කට ආසන්නව නැති වි යෑම. දැන් පල්ලියට පන්සලට යන්න මහ ලොකු බයක් තිබෙනවා. පෝය දවසට දායක සභාව පන්සල මුර කරන්න දැන් සිදු වේලා. ඉරිදාට පල්ලිය මුර කරන්න ඔනෑ. දරුවා පාසලට ගිහින් එනකම් විභාගය ලියලා එනකම් පාසල මුර කරන්න ඔනෑ නිවාඩුවක් දාලා ගිහින් මේ විදිහට ජන සමාජය කඩා ගෙන වැටුනා.

පසුගිය කාලේ බුදු පිළිම කඩලා එක ගැන මුස්ලිම් සහෝදරයෙක් කතා කරලා ඔත්තුවක් දුන්නා. මෙන්න මේ අහවල් කට්ටිය බුදු පිළිම කඩනවා කියලා. අත්අංඩගුවට ගත්තා. බුදු පිළිම කඩපු අයගේ ඔත්තු වලට යනකොට සීපෝ කිලෝ සියටක් වනාතවිල්ලූවේ තිබිලා අත්අඩංගුවට ගත්තා. වනාතවිල්ලූව පැත්තෙන් ගත්තා. හැබැයි දේශපාලන මැදිහත් විමෙන් සීපෝ සහ බුදු පිළිම කඩපු අය නිදහස් වුනා. ඊට පස්සේ මොවුන් නිදහස් වේලා නිකම් හිටියේ නැහැ අනික් පැත්තට ගිහින් ඔත්තුව දුන්න මුස්ලිම් සහෝදරයාගේ ඔළුවට වෙඩි තිබ්බා. ඔහුට සිහිය එනකොට ඒ වෙඩි තියපු අය ජිවිත 350 ක් නැති කරලා මේ තමා යථාර්ථය. මේ ආණ්ඩුව මොකද්ද කලේ බොම්බයට පසුදා ඉදන් ජනාධිපතිතුමා අගමැතිටත් අගමැති ජනපතිටත් බැන බැන ඉන්නවා. අවසනායේ පොලිස්පති හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගත්තා. පොලිස්පතිටත් හොඳයි එයාම තමයි කිවේ මට නිතීය නමන්නත් පුළුවන් නිතීය කඩන්නත් පුළුවන් කියලා. අන්තිමේට ඒයා නමපු නිතීයෙන් එයාම හිරේ ගියා.

මේ ආණ්ඩුව බලයට ආවාට පස්සේ රාජ්‍ය බුද්ධි අංශ දුර්වල කෙරුවා. හමුදාව දුර්වල කෙරුවා. පොලිසිය දුර්වල කලා පොලිසිය දේශපාලන දඩබිමක් බවට පත් කලා. එෆ්.සී.අයි.ඞී වාගේ ආයතන හැදුවා. බොරු නඩු දැම්මත් අපේ විශ්වාසය තාමත් අධිකරණය කෙරෙහි තිබෙනවා. නඩුවෙන් නඩුව අපේ අය නිදොස් කොට නිදහස් වෙනවා.

අපේ හාමුදුරුවනේ පන්සලේ අලියෙක් තියා ගෙන හිටියොත් ස්වාමින් වහන්සේව ගිහින් හිරේ දැම්මා. අලියෙක් තියා ගෙන හිටියොත් අද වෙන කොට පෙරහැරවල් වලට අලි නැහැ. සමස්ත අපේ රටේ සංස්කෘතියට පහර ගහනවා. ආණ්ඩුව තමන්ගේ ජන්ද ටික බේරා ගන්න එක නොදැක්කා වාගේ අහක බලා ගෙන ඉන්නවා.

ජනාධිපතිවරයා අගමැතිවරයාට බයිනවා. අගමැති ජනාධිපතිතුමාට බයිනවා. නිතීය නමන්න ගිහින් පොලිස්පති හිරේ යනවා. මේ ආණ්ඩුව වැඩියෙන්ම මොනවාටද ආයෝජනය කරලා තියෙන්නේ කදුළු ගෑස් වලට විශ්ව විද්‍යාල සිසුන්ට හැමදාම හයසිය වතාවක් හත්සිය වතාවක් කදුළු ගෑස් ගහලා තියෙනවා. මේ අවුරුදු තුන ඇතුලත අපි තුන් පාරක් විතර කදුළු ගෑස් කෑවා.

මමනම් තුන් පාරක් හිරේ ගියා. මේ යහපාලන ආණ්ඩුව නිසා වරාය එයාපොට් විකුණනකොට අපි එකට විරුද්ධ වුනාම අපිට ගහලා එලවනවා මේ ආණ්ඩුවේ ඞීල් එක දා ගන්න. හැබැයි අවසාන ප‍්‍රතිඵලය මොකද්ද රටත් ජාතියත් කඩා ගෙන වැටිම තමයි සිදු වන්නේ අන්න ඒ නිසා තමයි මාගේ ආදරණිය නංගී මල්ලි අපි වැඩ පිළිවෙලක් එක්ක මැතිවරණයට එන්නේ. අපි පලි ගන්න නෙවෙයි ආණ්ඩුව ගන්නේ වැඩ කරන්න. යහපාලන ආණ්ඩුව ආණ්ඩුව ගත්තේ පලි ගන්න. ජනතාවගෙන් පලි ගන්න. රජපක්ෂලාගෙන් පලි ගන්න. හැබැයි අපි ආණ්ඩුව ගන්නේ වැඩ කරන්න.

අපිට ඔනෑ විරැුකියා අනුපාතය සියට හතරට අඩු කරන්න. අපිට ඔනෑ බැංකු පොලි අනුපාතය සීයට දහයකට වඩා අඩුවෙන් තියා ගන්න. අපිට අවශ්‍යයි ආර්ථික වර්ධන වේගය සියට 6.5 කට පවත්වාගෙන යන්න. අපිට ආසයි ගමේ පන්සල හදන්න පාර හදන්න. අපිට ඔනෑ ගමට ආයෝජනය ගෙන්න. වැඩ කරන්න පුළුවන් ආයතන රැුකියා දෙන්න පුළුවන් ආයතන හා ගමේ ව්‍යවසායකයා හදන්නයි. අපිට අවශ්‍යයි ගමේ ව්‍යවසායකයා ව්‍යාපාරිකයෙක් බවට පත් කරන්න. නව වැඩ පිළිවෙලක් එක්ක. අම්මා තාත්තාගේ බලාපොරොත්තුව තමන්ගේ දරුවන්ට ගෞරවාන්විත ජිවිතයක් ගත කරන්න පුළුවන් වටපිටාවක් හදන්නටයි ඒ සඳහා අවශ්‍ය වටපිටාව හා ආදායමක් දෙන්න පුළුවන් වැඩ පිළිවෙලක් එක්ක අපි ඉන්නවා. අපි තරුණ සංවිධාන හරහා මහ දැවැන්ත වැඩ පිළිවෙලක් සකස් කරලා තිබෙනවා. එක පැත්තකින් ක‍්‍රීඩාව සංවර්ධනය කරනවා අනික් පැත්තෙන් ක‍්‍රීඩාව සංවර්ධනය කරනවා වාගේම තරුණයන්ගේ අධ්‍යාපනය තරුණයන්ගේ විරැුකියාව හා තරුණයන්ගේ ආර්ථික තත්වය දියුණු කරන්න තරුණයන්ගේ නිවාස ප‍්‍රශ්නයට විසදුමක් දෙන්න මහ දැවැන්ත තරුණ ප‍්‍රතිපත්තියක් මහ දැවැන්ත තරුණ වැඩපිළිවෙලක් එක්ක මේ මැතිවරණය සමග මේ ආණ්ඩුව පෙරළනවා. අපි වැඩි ජන්ද සංඛ්‍යාවකින් මේ මැතිවරණය ජයග‍්‍රහණය කරනවා. අපි ඒ මැතිවරණය ජයග‍්‍රහණය කරන්නේ වැඩ කරන්නයි.

අද මේ ආණ්ඩුවේ අයම එක එකාට බැන ගන්නවා සමහර අයට හොරා කියනවා තව කෙනෙක් කියනවා එයා 8 පාස්වත් නැහැ කියලා සමහර අය කියනවා සාමන්‍ය පෙළ ලියලත් නැහැ එකත් ෆෙල් කියලා මේ වාගේ අය ජනාධිපතිවරණයට ඉල්ලන්න හදනවා ඒ නිසා ඒ අයට සුදුසුකම් නැහැ කියලා මේ අය ප‍්‍රසිද්ධියේ කියා ගෙන යනවා. මහ බැංකුව මංකොල්ල කෑවා උගත් බුද්ධිමත් කියලා සිංගප්පුරුවෙන් මහ බැංකු අධිපති කෙනෙක් දාගත්තා අදටත් හොයා ගන්න බැහැ මේ වාගේ වැඩ නිසා සමස්ත දේශාපන විවුහයම පිරිහෙනවා. එකට වග කියන්න ඔනෑ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයායි. වගකියන්න ඔනෑ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා. ඒ නිසා මේ සංස්කෘතිය අපි වෙනස් කර යුතුයි. අපි වැඩ බිමක් බවට මේ රට පත් කර යුතුයි මුඩු බිමක් වු රට වැඩ බිමක් ලෙස ඉක්මනින් පත් කර යුතුයි. එහෙම වුනොත් විතරයි ඔබ අපෙක්ෂා කරන දියුණු ලෝකයක් අපිට නිර්මාණය කර හැක්කේ. අන්න ඒ ගමන යන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

– සමන් විජය බණ්ඩාර

Leave A Reply

Your email address will not be published.