ටැන්සානියාවේ මොරොගොරෝ ප්‍රදේශයේදී පෙට්‍රල් බවුසරයක් පුපුරා යාමෙන් පුද්ගලයන් හැට දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරින් තවත් 70කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.
ටැන්සානියාවේ,මොරොගොරෝ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මාර්ගයක ධාවනය වෙමින් තිබූ පෙට්‍රල් බවුසරයක් පෙරලීගොස් ඇත.
අනතුරට පත්වීමෙන් පසුව බවුසරයෙන් ගලා ආ පෙට්‍රල් එකතු කිරීමට ප්‍රදේශවාසීන් බොහෝ පිරිසක් එම ස්ථානයට පැමිණ තිබුණි.
එම අවස්ථාවේදී බවුසරය පුපුරාගොස් ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.
පිපිරීමත් සමඟ බවුසරයේ දැවැන්ත ගින්නක්ද හටගෙන තිබුණි.
බවුසරයෙන් ගලාගිය පෙට්‍රල් එකතු කරමින් සිටි පුද්ගලයන් බොහෝදෙනෙක් ගින්නට හසුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
සිදුවීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ බහුතරයක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද එම වාර්තාවල දැක්වෙයි.
ඉතා කාර්යබහුල ප්‍රදේශයක් වන මොරොගොරෝ හි රැඳී සිටි කුලී රථ රියදුරන් ඇතුළු මගී ජනතාව බොහෝ පිරිසක්ද මෙහිදී අනතුරට පත්ව ඇති බවයි බලධාරියෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
සිදුවීම සම්බන්දයෙන් එරට බලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.