ගිය අවුරුදු පහේ බැරි වුණු දේවල් ඉතුරු අවුරුදු 5 දී අපි කරනවා – රාජිත Video

සිවිල් සංවිධාන ඇතුළු සියළු පාර්ශව එක් කරගත් එක්සත් ජාතික පක්ෂය, පුළුල් පෙරමුණක් ලෙස ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

මතුගම දී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය යනු දුප්පතා වෙනුවෙන් සිටින දේශපාලන පක්ෂයක් බවත් ඉදිරියේ දී සිවිල් සංවිධාන සියල්ල එක් කර ගනිමින් පුළුල් එක්සත් පෙරමුණක් නිර්මාණය කරන බවත් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

එසේම මේ අවුරුදු 5 තුළ සිදු කිරීමට නොහැකි වු සියළු දේ ඉදිරි අවුරුදු 5 දී සිදු කරන බවත් ඔහු කියා සිටියා.

 

Leave A Reply

Your email address will not be published.