පොහොට්ටුවේ ජාතික සමුළුවට සියල්ල සූදානම්..පස්වරු 3.00 සිට ටී.වී.දෙරණින් සජීවීව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

අද (11) පස්වරු 3.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මෙම සමුළුව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම මෙම සමුළුවේ දී සිදු වේ.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා පිළිබදව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම සමුළුවේ සියලු තොරතුරු සජීවීව අද පස්වරු 3.00 සිට ටී.වී.දෙරණ ඔස්සේ විකාශය කිරීමට සැලසුම් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) පැවැත්විණි.

එහිදී අද දිනයේ පැවැත්වෙන සමුළුවේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුවට පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

කෙසේවෙතත් තමන් ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුවට සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කරයි.

 

Leave A Reply

Your email address will not be published.