ජවිපෙ අපේක්ෂක තෝරා අවසන්.. ඔහු ඉහල රාජ්‍ය සේවකයෙක්ද ?

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වමේ බලවේග විසින් ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා තෝරා පත්කරගෙන අවසන් බවත් ඔහු එළඹෙන 18 වැනිදා ගෝල්ෆේස් පිටියේදී රටට ප්‍රසිද්ධ කරන බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

අනෙකුත් පක්ෂවල අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේ කවදාද යන්න අදාළ නොවන බවත් 18 වැනිදා රැලිය පෙර සිටම සූදානම් කර තිබූ රැලියක් නිසා එදිනට අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් කීය.

එම අපේක්ෂකයා ඉහළ රාජ්‍ය සේවකයකුදැයි විමසූ විට ඒ මහතා සිනාසෙමින් පැවසුවේ එවැනි කතා ද ප්‍රචාරය වන බවය.

  • ගයාන් ගාල්ලගේ  deshaya
Leave A Reply

Your email address will not be published.