පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය බවට ඒකාබද්ධයේ සියළු නායකයින් ඒකමතිකව සම්මත කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කොටගත් සන්ධානයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

හෙට පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සම්මේලනයට පෙර අද කැඳවන ලද ඒකාබද්ධ විපක්ෂ නායක හමුවේදී හිටපු ජනාධිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම යෝජනා කර තිබෙන බව දන ගන්නට ලැබෙනවා.

විකල්ප යෝජනා හෝ විරෝධතාවක් එහිදී මෙයට ඉදිරිපත් වී නැහැ.

පක්ෂ නායකයින් සියලු දෙනාම ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේම ඒකමතිකව අනුමත කර තිබෙන්නේ අත්පොලොසන් දෙමින්.

ඒ අනුව හෙට (11) පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සමුළුවේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ජනාධිපති අපේක්‍ෂක ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.