සමාජ මාධ්‍ය ඔස්සේ භික්ෂුන් වහන්සේට එරෙහිව තර්ජනය කළ රිසාම් අරූස්ගෙන් මුස්ලිම් අන්තවාදයේ තවත් ක්‍රියාවක් ගැන හෙළිදරව්වක් Video
සමාජ මාධ්‍ය ඔස්සේ භික්ෂුන් වහන්සේට සහ බෞද්ධ ජනතාවට එරෙහිව වෛරී ප්‍රකාශ සිදුකළ රිසාම් අරූස් යන පුද්ගලයා අද මාධ්‍ය හමුවකට සහභාගි වී තමා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.
සමාජ මාධ්‍ය ඔස්සේ භික්ෂුන් වහන්සේට සහ බෞද්ධ ජනතාවට එරෙහිව වෛරී ප්‍රකාශයක් රිසාම් අරූස් යන පසුගියදා පුද්ගලයා සිදුකරනු ලැබුවේය.
කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු විසින් ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඉදිරියේදී සිදුකිරීමට නියමිත තවත් අන්තවාදි ක්‍රියා හෙළිදරව් කරනු ලැබුවේය.
එහිදී සිය අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශය හරහා තමා විසින් වරදක් සිදු කළ බවත් ඒ වෙනුවෙන් සමස්ථ බෞද්ධ ජනතාවගෙන් හා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටින බවයි.
මින් ඉදිරියට එවැනි ක්‍රියා නොකරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එහිදී තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳ කරුණු හෙළිදරව් කරමින් ඔහු කියා සිටියේ ඔවුන් විහාර 10000කට කුරාන බෙදා දීමට සූදානමක් ඇති බවයි.
එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
“තවුහිද් ජමාඩ් සංවිධානය අලුත් වැඩක් කරනවා විහාර 10,000 කට කුරානය රහසිගතව බෙදන්න.
ඒ සඳහා ඔවුන් සතුව මධ්‍යස්ථ පිරිසක් ඉන්නවා.
පන්සලට යන ඉස්ලාම් ධර්මය වැළදගත් හාමුදුරුවරු ඒ අය ළඟ ඉන්නවාලු.
ඒ සම්බන්ධ හඩපට මා ළඟ තියෙනවා. වගකීමෙන් කියන්නේ.
ඒ අය උපයෝගි කරගෙන කුරානය පන්සල් ඇතුළට යවන්න පුළුවන්.
දැනටමත් මුදල් අඩක් විතර යවලා තියෙනවා.
කල්කටා සිට මාස 2 ක් ඇතුළත කුරානය ලංකාවට එන්න නියමිතයි.
ලංකාවට එන්න තහනම් කළ පුද්ගලයෙක්, අබ්දුල් රාසික්ගේ ගුරුවරයා හරහා තමයි කුරාන ගෙන්වා ගන්නේ.
විකෘති කළ දෙයක් තමයි සමාජගත කරන්න හදන්නේ. ඒ හරහා ප්‍රශ්න අවුලවන්න තමයි හදන්නේ.
ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ එකම සිතුවිල්ල ඡන්දය හන්දා මේ දේවල් යට ගහන්න.”
මුස්ලිම් දේශපාලනඥයින් නැවතත් අමාත්‍යධූර භාරගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රැවටීමක් සිදු වු බවත් ත්‍රස්ථවාදයට අනුබලදෙන මන්ත්‍රීවරුන් රැසක් සිටින බවත්ය.
නම් වශයෙන් තමන් හිස්බුල්ලා පිළිබඳ හෙළිකළ බවත් රිෂාඩ් ගැනත් ඔප්පු කරගන්න බැරිවු බවත් ඔහු කියා සිටියේය.
එසේම තවුහිද් සමාජිකයින් ලක්ෂ 6 කට ආසන්නව සිටින බවත් දේශපාලකයන්ට එම ඡන්ද වැදගත් බවත් ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වු සිංහලේ සංවිධානය ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව ප්‍රකාශ කළේ රිසාම් අරූස් නැමැත්තා විසින් ඔහු විසින් සහරාන්ට 2006 දී ලැබුණු ISIS ත්‍රස්ත සහතිකයක් තමන් වෙත ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව සහරාන් ISIS සංවිධානයත් සමඟ සම්බන්ධ බව ඔප්පු කළ හැකි ප්‍රධාන සහතිකයක් ලෙස එය හඳුනාගත හැකි බවත් වහාම රිසාම් අරූස් කැඳවා පරීක්ෂණ සිදු කරන ලෙසත් ඔහු දන්වා සිටියේය.