එක්සත් ජාතික පක්ෂය ප්‍රබල ඇමතිවරුන් තිදෙනකු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීම සඳහා වේලාව ඉල්ලා ඇති බව වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම හමුවූ ඉදිරි සතියෙන් පසු දිනෙක පැවැත්වෙනු ඇති බවයි . ඉදිරි සතිය පුරා ගෝඨාභය රාජපක්ෂ මහතා රට පුරා ආගමික ස්ථාන වැද පුදා ගැනීමට යොදා ගෙන තිබීම නිසා හමුවීම් සතියකින් ප‍්‍රමාද වීමට සිදුව තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා යයි කියමිනුයි එම ඇමතිවරුන් අවස්ථාව ඉල්ලා තිබෙන්නේ.
මේ තුන්දෙනාගෙන් දෙදෙනෙකුම සජිත් පිලට සහාය දක්වන අය බවත් ඉහත ප‍්‍රකාශකයා කියා සිටියා.
එජාප ඇමතිවරුන් වන කබීර් හෂීම් සහ සාගල රත්නායක යන මහත්වරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට ගොස් තිබීම හේතුවෙන් එම පක්ෂය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම තහනම් කර තිබෙනාවා.
මෙවන් තත්ත්වය මතද මෙම ඇමතිවරුන් තිදෙනා ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට අවස්ථාවක් ඉල්ලා තිබීම විශේෂත්වයක්.