ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන්ට කිසිඳු අසාධාරණයක් වීමට තමා ඉඩ නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ (09) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ පැවති හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කලා.
මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ඊයේ පෙරුවරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබුණා.
මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ද අද පෙරවරුවේ විපක්ෂ නායක නිල නිවසේදි විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡ කළා.