රනිල්ට මන්ත‍්‍රි කණ්ඩායමේ බහුතරය අහිමි වේ..

මීලග ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයා තෝරා ගැනීම සදහා එත්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා කෘත්‍යාධිකාරී මණ්ඩලය කැදවා රහස් ඡන්දයක් පවත්වන ලෙස එජාප මන්ත්‍රිවරුන් කණ්ඩායමක් විසින් පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ලිපියකින් ඉල්ලීමක් කිරීමට සැරසෙනවා.

ඊයේ පස්වරුව වන විට එජාප මන්ත‍්‍රීවරුන් 55 දෙනෙකු පමණ එම ලිපියට අත්සන් තබා තිබූන බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්සන් ලබා ගැනීමේ කටයුත්තේ නිරතව සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රීවරුන් පිරිසක් විසින්.

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිටින්නේ 82ක් පමණක් වන අතර ඉන් බහුතරය දැනටමත් අදාල ලිපියට අත්සන් තබා තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.