රනිල්ගේ සන්ධානයට මා සියයට ලක්‍ෂ වාරයක් එකගයි..- සජිත්ගෙන් නිවේදනයක්..

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වේ.

ජනාධිපතිවරණය ඉලක්ක කරමින් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සන්ධානයක් හැකි ඉක්මනින් පිහිටුවිය යුතු බවට මා සහ අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව ද අද දින පුවත්පත්වල පළවී තිබේ.

එවැනි සංධානයක් පිහිටුයීමට මා සීයට සීයක්ම නොව සීයට ලක්ෂවාරයක් එකගය.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරය මෙන්ම එකී සන්ධානයට එකතු වීමට කැමැත්ත පළ කර ඇති ප්‍රබල පක්ෂ බහුතරයද දරන ස්ථාවරය අනුව එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවය.

මා පෞද්ගලිකව දරන මතයද එයයි.

එසේ කළොත් පමණක් යෝජිත සන්ධානය නිර්මාණය වනවා පමණක් නොව ඊට තවත් පක්ෂ සහ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් එකතු වී ජයග‍්‍රාහී සන්ධානයයක් බවට පත්වුණු නොඅනුමානය.

අද සිදුවිය යුත්තේ සාවද්‍ය පුවත් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පළමුව ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව සන්ධාන ගිවිසුම නිර්මාණය කිරීමයි.

සජිත් ප්‍රේමදාස
නියෝජ්‍ය නායක
එක්සත් ජාතික පක්ෂය

Leave A Reply

Your email address will not be published.