ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටිය දී කොළඹ නගර සභාවේ කසළ බැහැර කිරීම සඳහා කිසිදු මුදලක් වැය නොවූ බව කොළඹ නගර සභාවේ එක්සත් ජාතික මන්ත්‍රීවරුන් පිරිසක් සඳහන් කළහ.
නගර සභාවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පිරිස කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට විරුද්ධ දේශපාලනන කදවුරක් නියෝජනය කළද ඔහු කසල වලින් කිසිසේත්ම දේශපාලනය නොකළ බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ දී සැලසුම් කරන ලද අරුවක්කාලු කසල බැහැර කිරීමේ අංගනයට කසල ගෙන යාම සඳහා විධිමත් දුම්රිය ප‍්‍රවාහන ක්‍රම වේදයක් සකසා තිබූ නමුත් දැන් සිදුව ඇත්තේ ලොරි රථ මගින් ගෙනගොස් දැමීම බවත් ඒ සඳහා අධික වියදමක් වැය කිරීමට සිදුව ඇති බවත් මන්ත‍්‍රීවරු කියා සිටියහ.
එමෙන්ම ඒ සදහා ප්‍රාදේශීය සභා මට්ටමින් කප්පම් ගෙවීමට සිදුව ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.
පසුගිය වසර දෙකක පමණ කාලය තුළ මෙම කසළ බැහැර කිරීමේ කටයුත්ත සඳහා රුපියල් බිලියන එකට පමණ දුරක් නගර සභා විසින් ගෙවා ඇති බවද ඔවුන් සඳහන් කලහ.
මෙම මන්ත්‍රී පිරිස අනියමින් චෝදනා කරන ලද්දේ වර්තමාන රජයේ මෙගා පොලිස් ඇමති චම්පික රණවක මහතාටයි.
ජනාධිපතිවරණයක් ආසන්නයේ එක්සත් ජාතික පක්‍ෂ බල කදවුරක් වන කොළඹ නගර සභාවේ මන්ත‍්‍රීවරුන් විසින් සිදු කරන ලද මෙම අගය කිරීම කොළඹ කේන්ද්‍රීය නාගරිකයන්ගේ ඡන්ද පදනමට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි අනුමාන කල හැක.