යුඇන්පී එකෙන් නොදුන්නොත් සජිත් වෙන පක්ෂයකින්

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති ධූර අපේක්ෂකත්වය නොලදහොත් නව සංධානයක් ගොඩනඟා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මැත්ත පළ කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

අනිද්දා පුවත්පත මේ බව සඳහන් කර ඇත්තේ සජිත් පාර්ශ්වයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමිනි.

දැනටමත් එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ කිහිපයක්ම ඒ සඳහා කැමැත්ත පළ කර ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් එජාප නායකත්වය හා අගමැති අපේක්ෂකත්වය තමනට ලබාදෙන යුතු බවට සජිත් පාර්ශවය කළ ඉල්ලීමකට අගමැතිවරයාගෙන් ප්‍රතිචාරයක් ලැබී නැති බවද එහි සඳහන්ය.

 

Lankacnews

Leave A Reply

Your email address will not be published.