ශ්‍රීලනිපය හා පොහොට්ටුව සන්ධානගත වුවද ජනාධිපති අපේක්‍ෂකත්වය කිසිසේත්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පිටස්තර අපේක්‍ෂකයකුට නොදීමට එම පක්‍ෂය තීරණය කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයෙන් පසු ගෞරවනීය ඉහල තනතුරක් ලබාදීමට එම පක්‍ෂය විසින් යෝජනා කර තිබෙනවා.
නමුත් එම තනතුර කුමක්ද හෝ ඊට අයත් බලතල, වරප්‍රසාද මොනවාද යන්න ගැන මේ වන තෙක් අණාවරනය කර නැහැ.
මේ දිනවල විදෙස් සංචාරයක නිරත ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණි පසු නව සන්ධානය තීරණාත්මක පියවරයන් ගන්නා බවද එම පක්‍ෂය සදහන් කරනවා.